Tuesday, 19 March 2024

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීම

Posted On Sunday, 01 January 2017 07:37

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුනතා ඇගයීමේ ත්‍යාග හා සහතික පත් ප්‍රධානෝත්සවය බුද්ධශාසන හා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහා නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.


දිවයින පුරා දිස්ත්‍රික් 22 ක නියෝජනය කරමින් ශාසනාරක්ෂක බල මණ්ඩල 319 ක ක්‍රියාත්මක දහම් පාසල් 9,942 ක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිපුනතා ඇගයීමේ ත්‍යාග සහ සහතික පත් ලබා දීමේ උත්සවයට රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති නායක හිමිපාණන්, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකකාධිකාරී කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමිපාණන්, ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න හිමිපාණන්, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී ගෝනදුවේ ගුණානන්ද හිමිපාණන් ඇතුළු ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල වල සියලුම ලේඛකාධිකාරී හිමිවරුන් සහභාගී විය.
 
මෙම වැඩසටහන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මගින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යලය සහ ගාල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය විසින් සංවිධනය කරනු ලැබිනි.

Read 2039 times