දසත

වෝනර්ගෙන්  ශ්‍රී ලංකාවට එරෙහි  වාර්තාවක්

ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ ක්‍රීඩකයන් ලබාදුන් ශක්තිය ඉදිරියට ගෙන යෑමට මැද පෙළ පිතිකරුවන් අසමත්වීම හේතුවෙන් සංචාරක ඔස්ට්‍රේලියානු පිල හා ශ්‍රී ලංකාව අතර පැවැති පළමු විස්සයි 20 තරගයෙන් පන්දු 36ක් ඉතිරිව තිබියදී කඩුලු 10ක ජයක් ඔස්ට්‍රේලියාවට හිමි විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද ඊයේ රාත්‍රියේ පැවැති මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර් 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 128ක් ලබාගත් අතර, ඔස්ට්‍රේලියා පිල ඕවර් 14කදී කිසිවකු නොදැවී ලකුණු 134ක් ලබා ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. ශ්‍රී ලංකා ඉනිමේ පිතිකරුවන් 7ක් බින්දු තුනකින් හා ලකුණු එක බැගින් ලකුණු පුවරුවේ සිටිද්දී ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගල වූ නායක ඇරොන් ෆින්ච් හා ඩේවිඩ් වෝනර් සැලසුම් සහගත පිතිකරණයකට පිවිස ජය මාවත විවරකර ගත්හ.

ඩේවිඩ් වෝනර් ශ්‍රී ලංකාවට එරෙහි අවසන් ඉනිම 5කදී පිට පිට ශතකයක් හා අර්ධ ශතක 4ක් වාර්තා කොට ඇති අතර, විස්සයි 20 තරග බිමේ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩකයකු පිහිටවූ වාර්තාවක් ලෙස එය සටහන් විය. 2019 වසරේ ඔක්තෝබර් 19 වැනිදා ඇඩිලේඩ්හීදී නොදැවී ලකුණු 100ක්, එම තරගාවලියේදීම බ්‍රිස්බේන්හීදී නොදැවී ලකුණු 60ක් හා මෙල්බර්න් හීදී නොදැවී ලකුණු 57ක් වෝනර් රැස්කර ගත්තේය. අනතුරුව වෝනර්ට පසුගිය වසරේ ඩුබායි හී පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 65ක් වාර්තා කළේය. ඊයේ ඔහු වාර්තා කළේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 50ට වැඩියෙන් රැස් කළ 5වැනි අවස්ථාව විය.

ඩේවිඩ් වෝනර් පන්දු 44කදී හයේ පහර 4ක් හා හතරේ පහර 4ක් සමග නොදැවී ලකුණු 70ක් රැස්කළ අතර, ඇරොන් ෆින්ච් පන්දු 44කට මුහුණදී හතරේ පහර 9ක් සමග සමග නොදැවී ලකුණු 70ක් රැස් කළේය. ඔහු එල්ල කළ එකම හයේ පහර ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 5ක් අවශ්‍යව තිබියදී එල්ල කිරීම අලංකාර දසුනක් විය.

ලෝක ශූර ඔස්ට්‍රේලියා පිලට එරෙහිව මුල් ඕවර් 12 තුලදී ශ්‍රී ලංකා පිතිකරුවන් පහර පිට පහර දෙමින් සිටියදී කලකට පසු විස්සයි 20 තරගයක ආශ්වාදය විදීමට පැමිණි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයෝ ප්‍රීති ඝෝෂා නැගූහ. එහෙත් එතැන් සිට ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීමෙන් ඔවූහූ මළානිකවී ගියහ. ශ්‍රී ලංකා ඉනිම ඕවර් 12ක් වෙද්දී ලකුණු 100කට කඩුල්ලක් දැවී ගොස් තිබුණද, අවසන් කඩුලු 9ක් ලකුණු 28කට දැවී යෑම ක්‍රිකට් ක්‍රීඩාවේ අවිනිශ්චිත බව විදහා පෑමකි.

ඔස්ට්‍රේලියා මඳවේග පන්දු යවන ජොස් හේස්ල්වුඩ් ශ්‍රී ලංකා ඉනිම සුනු විසුණු කළ පන්දු යවන්නා වූ අතර, ඔහු යැවූ තරගයේ 13වැනි ඕවරයේ කඩුලු 3ක් බිඳ හෙලා ගැනීම තරගයේ හැරවුම් ලක්ෂය විය. හේස්ල්වුඩ් ලකුණු 16කට කඩුලු 4ක් බිඳ හෙලද්දී ඔහුට අනෙක් අන්තයෙන් සහය වූ වේග පන්දු යවන මිචෙල් ස්ටාර්ක් ලකුණු 26කට කඩුලු 3ක් බිඳ හෙලා ශ්‍රී ලංකා බලාපොරොත්තු සුන් කළහ.

පැතුම් නිස්සංක ලකුණු 22ක් ලබා සිටියදී ඩීප් මිඩ් විකට් වෙතට එල්ල කළ උඩ පන්දුව ස්ටීව් ස්මිත් අතින් ගිලිහී යෑම හැර ඔස්ට්‍රෙලියා ක්‍රීඩකයන් වෙතට ලැබුණු උඩ පන්දු හයම සුරැකිව රැක ගැනීම කැපී පෙණුනි.

පලපුරුදු පිතිකරුවකු වූ කුසල් මෙන්ඩිස් ලකුණු 1ක් ලබා තිබියදී බොහෝ වේලාවක් එකතැන උඩුගුවනේ සිට ‘මිඩ් ඕෆ්‘ වෙතට පැමිණි උඩ පන්දුව ඇෂ්ටන් අගාර් රැක ගැනීමත් සමග ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ආරම්භ විය. අයිපීඑල් තරගාවලියේ දස්කම් දැක්වූ භානුක රාජපක්ෂගේ කඩුල්ල ලකුණු බින්දුවේදී විකට් රකින මැතිව් වේඩ් උඩ පන්දුවක් රැක ගැනීමෙන් හා නායක දසුන් ශානක කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කර ගැනීමෙන් හෙසල්වුඩ් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවට තර්ජන ගෙන දුන්නේය.

එක් අන්තයකින් කඩුලු පිට කඩුලු බිඳ වැටෙද්දී අංක එක පිතිකරු ලෙස පිටියට පිවිසි 24 හැවිරිදි චරිත් අසලංක ජ්‍යෙෂ්ඨයන්ට ආදර්ශයක් වන පරිදි පන්දු 34කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 38ක් ලබාගත් අතර, ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 31කදී හයේ පහරක් හා හතරේ පහර 2ක් සමග ලකුණු 36ක් ලබා ගත්තේය. අසලංක දුවද්දී දැවී යෑම ද ශ්‍රී ලංකාවට අවාසිදායක විය.

එමෙන්ම අනෙක් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 15කදී හයේ පහරක් හා හතරේ පහර 3ක් සමග ලකුණු 25ක් ලබා ගැනීමට සමත් විය. වනිදු හසරංග මැද පෙළට ශක්තියක් වූ එකම පිතිකරු වෙමින් පන්දු 15කදී හතරේ දෙකක් සමග ලකුණු 17ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් අතර වූ පළමු කඩුල්ලට සම්බන්ධතාව ලකුණු 39ක් වූ අතර, දෙවැනි කඩුල්ලට පැතුම් නිස්සංක හා චරිත් අසලංක ලකුණු 61ක් එක් කළහ.

ඊයේ දිනයේ අවස්ථා තුනකදී පමණ තරගයට වර්ෂාවෙන් බාධා සිදුවූ අතර, දෙවැනි විස්සයි 20 තරගය අද රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ආරම්භ වේ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව

පී.නිශ්ශංක ප. ස්ටාක් 36

ඩී.ගුණතිලක ඇ.මාෂ් ප. හේස්ල්වුඩ් 26

සී.අසලංක දුවද්දී දැවී ගියා 38

කේ.මෙන්ඩිස් ඇ.අගාර් ප. හේස්ල්වුඩ් 1

බී.රාජපක්ෂ ඇ.වේඩ් ප. හේස්ල්වුඩ් 0

ඩී. ශානක ක.මු.ක. ප. හේස්ල්වුඩ් 0

ඩබ්.හසරංග ඇ.ෆින්ඩ් ප. ස්ටාක් 17

 

සී.කරුණාරත්න දුවද්දී දැවී ගියා 1

ඩී.චමීර ඇ.වෝනර් ප. ස්ටාක් 1

එම්. තීක්ෂණ ඇ.වෝනර් ප. රිචඩ්සන් 1

එන්. තුෂාර නොදැවී 0

අතිරේක 7

එකතුව සියලුදෙනා දැවී (ඕවර 19.3) 128

කඩුලු බිඳ වැටීම - 1-39, 2-100, 3-102, 4-103, 5-103, 6-116, 7-118, 8-127, 9-128, 10-128

පන්දු යැවීම - ස්ටාක් 4-0-26-3, හේස්ල්වුඩ් 4-0-16-4, මාෂ් 2-0-21-0, මැක්ස්වෙල් 2-0-18-0, රිචඩ්සන් 3.3-0-22-1, අගාර් 4-0-25-0

ඔස්ට්‍රේලියාව

ඒ.ෆින්ච් නොදැවී 61

ඩී.වෝනර් නොදැවී 70

අතිරේක 3

එකතුව කිසිවකු නොදැවී (ඕවර 14) 134

පන්දු යැවීම - තීක්ෂණ 4-0-25-0, තුෂාර 2-0-21-0, චමීර 4-0-48-0, හසරංග 2-0-27-0, චාමික 2-0-13-0

ක්‍රිකට් තරගයකට ඉතිහාසගත ආරක්ෂාවක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හා ඒ අවට වෙනදාට වඩා දැඩි ආරක්ෂාක රැකවල් යොදා තිබිණි. ක්‍රිකට් තරගයකට ලබාදුන් ඉතිහාසයේ වැඩිම ආරක්ෂාව ඊයේ දිනයේ දක්නට ලැබුණු අතර ත්‍රිවිධ හමුදාව, පොලීසිය හා විශේෂ කාර්ය බලකා ආරක්ෂක බළඇණි විශාල ප්‍රමාණයක් ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදා තිබිණි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී පැවැසුවේ රටේ පවතින වත්මන් තත්ත්වය අනුව වෙනදාට වඩා ආරක්ෂාව තහවුරු කිරීමට සැලසුම් කළ බවය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ වසරකට පසුව අන්තර්ජාතික ක්‍රිකට් තරගයක් ඊයේ පැවැති අතර, ක්‍රීඩාංගණයට පිවිසෙන මාර්ගයේ පරීක්ෂා කිරීම් සිදු කිරීමට විධිවිධාන යොදා තිබිණි. ඒ සියලු ආරක්ෂක ක්‍රමවේද ප්‍රේක්ෂකයන්ට පීඩාවක් සිදු නොවන පරිදි සිදු කිරීමට ආරක්ෂක අංශ කටයුතු කොට තිබිණි. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු විස්සයි 20 තරගය නැරැඹීමට ප්‍රේක්ෂකයින් 30000කට ආසන්න ප්‍රමාණයක් පැමිණ සිටියහ.

නැගෙනහිර යුක්රේනයේ වෙනම රාජ්‍යයක් ලෙස රුසියාව විසින් පිළිගනු ලැබූ ඩොන්බාස් කලාපයේ ලුහාන්ස් හි පිහිටි සෙවරොඩොනෙට්ස්ක් නගරයේ මේ වන විට රුසියා හමුදාව සහ යුක්රේන හමුදාව අතර දරුණු සටන් ඇවිළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම නගරය මේ දින කිහිපය ඇතුළත යුක්රේන යුද්ධයේ වඩාත්ම දරුණු ප්‍රහාර එල්ල වන නගරය බවට පත් වී ඇතැයි යුක්රේන හමුදා බුද්ධි අංශ ප්‍රධානියා වන මේජර් ජෙනරාල් කිරිලෝ බුඩානොව් ද තහවුරු කර තිබේ. දැනට එම කලාපයේ යුක්රේන හමුදාව අත්පත් කරගෙන සිටින එකම නගරය ලෙසත් සැලකෙන සෙවරොඩොනෙට්ස්ක් නගරයේ බලය අත් කරගෙන සිටින යුක්රේන හමුදාවට රුසියා හමුදාව අඛණ්ඩව එල්ල කරන ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

මේ ප්‍රහාර හමුවේ යුක්රේන හමුදාව ක්‍රම ක්‍රමයෙන් සෙවරොඩොනෙට්ස්ක් නගරයෙන් පසු බසිමින් සිටින බවට රුසියා ආරක්ෂ අමාත්‍යාංශය නිවේදන නිකුත් කළ ද, නගරයේ බලය තහවුරු කරගැනීමට යුක්රේන හමුදාව සමත්ව සිටින බව යුක්රේන රජය නිවේදනය කර තිබේ.

 

ඩොන්බාස් කලාපයේ උපාය මාර්ගික වශයෙන් අතිශය වැදගත් සෙවරොඩොනෙට්ස්ක් නගරයේ ගොඩනැගිලි පොලොවට සමතලා වී ඇතැයි ද, වරින් වර රුසියා මිසයිල ප්‍රහාරවලින් නගරය තවදුරටත් විනාශ වෙමින් තිබෙන බව ද වාර්තා වේ.

සෙවරොඩොනෙට්ස්ක් නගරයේ වැඩි කොටසක පාලනය තවමත් යුක්රේන හමුදාව සතුව පවතින අතර, යුක්රේන හමුදාව සෙවරොඩොනෙට්ස්ක් නගරයේදී යටත් නොවන බව නගරාධිපති ඔලෙක්සැන්ඩර් ස්ට්‍රියුක් ප්‍රකාශ කර ඇත. යුද බිමේ සිට වාර්තා ඉදිරිපත් කරන රුසියාවේ රාජ්‍ය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු පවසන පරිදි රුසියාවේ ඉහළ මට්ටමේ හමුදා නිලධාරියකු වන මේජර් ජෙනරාල් රොමාන් කුටුසොව් මේ යුද ගැටුම්වලින් මරුමුවට පත්වී තිබේ.


 


 

රුසියානු බුද්ධි සේවාවේ ප‍්‍රධානියකු වූ ජනරාල් සර්ජෙයි බෙසීඩා අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියේ තබා ඇත. ආරක්‍ෂක අමාත්‍යාංශ නිලධාරීන් සමග ඇති කරගත් අර්බුදයකින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. යුක්රේන ආක‍්‍රමණය පසුබිමේ ජනරාල් බෙසීඩා ක‍්‍රියාත්මක විය.

 යුක්රේන අගනුවර වූ කිව් දින දෙකක් තුළ අල්ලාගැනීමට හැකිවන බවට බුද්ධි සේවාව වාර්තා කළත් මේ දක්වාම කිව් අගනුවර අල්ලා ගැනීමට හැකි වී නැත. මේ අතර අසෝව් මුහුද අසල පිහිටි මරියුපොල් නගරයේ සටන් කරන යුක්රේන හමුදාවට යටත්වන ලෙස රුසියානු ජනපති පුටින් නියෝග කර ඇතත් යුක්රේන ජනපති සෙලෙන්ස්කි එම නියෝගය ප‍්‍රතික්ෂේප කර තිබේ. මෙවන් පසුබිමක් මැද රුසියානු නාවික හමුදාවේ කළු මුහුදු කලාපය බාර නාවික හමුදාපති ඇන්ඩි‍්‍ර පාලියි යුක්රේන ප‍්‍රහාරයකින් මරුමුවට පත් වී ඇත. මේ වනවිට රුසියානු හමුදාවේ ජනරාල්වරු පස්දෙනෙක් මරුමුවට පත් වී ඇත. රුසියානු නාවික හමුදාවේ කළු මුහුදු බළකායේ ප‍්‍රධානියාගේ මරණය ජනපති පුටින්ට එල්ල වූ බරපතළ පහරකි. ඇන්ඞ්රීට අමතරව රුසියානු 331 වැනි පැරෂුට් ප‍්‍රහාරක බළකායේ කර්නල් සර්ජි සුක්හාරෙව්ද මරුමුවට පත්වී තිබේ. මේ අතර රුසියානු සුපිරි පංතිය ජනපති පුටින්ට වසදී මරා දැමීමේ උත්සාහයක නිරත වී ඇතැයි යුක්රේන බුද්ධි අංශ හෙළිකර ඇත.

 පුටින් වෙනුවට එෆ්. එස්. බී. බුද්ධිසේවා ප‍්‍රධානි ඔලෙක්සැන්ඩර් බොර්ඞ්නිකෝව් පත්කර ගැනීමට රුසියානු සුපිරි පංතිය තීරණය කර තිබේ. රුසියානු අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ යුක්රේන ආක‍්‍රමණයෙන් භටයන් 15,000ක් මරුමුවට පත්වී ඇති බවයි. එහෙත් මෙම වසදීමට තැත් කිරීමේ උත්සාහය බටහිර බුද්ධි අංශ විසින් සනාථ කර නැත. යුක්රේන ජනපති සෙලෙන්ස්කි එරට දේශපාලන පක්‍ෂ 11ක් තහනම් කර ඇත. තහනමට ලක් වූ දේශපාලන පක්‍ෂ අතර රුසියානු ජනපති පුටින්ගේ මිනිබිරියගේ පක්‍ෂයද වේ. මෙම දේශපාලන පක්‍ෂ 11ම රුසියාව සමග සම්බන්ධකම් පවත්වන බව ජනපති සෙලෙන්ස්කි චෝදනා කර ඇත. යුක්රේනයේ විශාලතම විරුද්ධ පක්‍ෂය මෙහෙය වන වික්ටර් වෙද්චුක්ද තහනමට ලක්වී තිබේ.

 2021 දී රාජද්‍රෝහිත්වය යන චෝදනාවක් මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි. මෙයට සමගාමීව යුක්රේනයේ පුද්ගලික මාධ්‍යයන් ද තහනම් කර ඇත. යුක්රේන පාර්ලිමේන්තුවේ ආසන 450න් විරුද්ධ පක්‍ෂවලට හිමිවී ඇත්තේ ආසන 44කි. මේ අතර යුක්රේනයේ සියලූම ජාතික රූපවාහිනි සේවා ඒකාබද්ධ කිරීමේ නියෝගයක් ජනපති සෙලෙන්ස්කි ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. යුක්රේනයේදී අත්අඩංගුවට ගනු ලැබූ රුසියානු සෙබලූන් පැවසුවේ මියයන සෙබලූන් සමූහ මිනීවලකට දමන බවයි. අත්අඩංගුවට ගත් ඇතැම් රුසියානු සෙබලූන් හඬන අයුරු විදේශ රූපවාහිනි සේවාවන් විසින් විකාශනය කර ඇත.

 යුක්රේනයේ ඇන්ටනොව් කම්හලේ අංගනයක නතරකර තිබූ ලොව විශාලතම ගුවන් යානාව වූ ඇන්ටනෝව් 225 යානාව විනාශ වූයේ බලධාරීන්ගේ වරදින් බව පැවසූ මේජර් දිමිත‍්‍රි ඇන්ටනෝව් කළ ප‍්‍රකාශය නිසා ඔහුට මරණ තර්ජන එල්ල වී ඇත.

 මෙම යානාවට ප‍්‍රහාර එල්ලවනු ඇති බවට නේටෝ සංවිධානය කළ අනතුරු ඇගවීම බලධාරීන් නොසලකා තිබේ.

 මෙකී යානාව ජර්මනියේ ලිප්සිග් වෙත ගෙනයෑමට ක‍්‍රියාකළ හොත් එය විනාශ නොවන බව දිමිත‍්‍රි ඇන්ටනෝව් තවදුරටත් පවසා තිබේ. මේ අතර රුසියානු ජනපති සහ යුක්රේන ජනපති අතර සෘජු සාකච්ඡා පැවැත්වීමට එක`ග වී ඇතත් ඒ කවර දිනයකදැයි හෙළිවී නැත.

 රුසියානු ආරංචි මාර්ග පැවසූවේ බටහිර සම්බාධක නිසා රුසියාවේ ජනතාවද දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි. මෙම යුක්රේන ආක‍්‍රමණය නතර කරන ලෙස රුසියාවේ විරුද්ධ පක්‍ෂ රුසියානු රජයෙන් ඉල්ලා ඇතත් ජනපති පුටින් ඊට ප‍්‍රතිචාර දක්වා නැත.

 පසුගිය පෙබරවාරි 25 ආරම්භ වූ යුක්රේන ආක‍්‍රමණය තවදුරටත් ක‍්‍රියාත්මක වන අතර ඉන් මියගිය සිවිල් වැසියන් සංඛ්‍යාව කොපමණදැයි තහවුරු වී නොමැත. රුසියානු හමුදාව යුක්රේනයට එරෙහිව හයිපර් සොනික් නමැති බලගතු මිසයිල භාවිතා කරන බව රුසියානු ආර්. ටී. ප‍්‍රවෘත්ති සේවාව මුල්වරට අනාවරණය කර තිබේ.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

2022/03/09 22 01 26 154142

අග හිගකම් ඇතිවෙන විට වැට කඩොලූ බැදේ. අවහිරතා පැනැවෙන්නේ ඇති නැති පරතරය අනුවය. සාමාන්‍ය ජනතාවට මෙතෙක් හිමිව තිබුණ අවස්ථා පාලනය කරනබව කියැවේ. පවතින ආර්ථික තත්ත්වය අනුව පාලන විධිවිධාන යෝජනාවෙමින් පවතී. සම්පත් හිගය සලකා අරපිරිමැස්මකින් ක‍්‍රියා කිරීම නරක නැත. පාලන පැනැවීමේ දී සියළුම දෙනාටම සාධාරණ ක‍්‍රම අනුගමනය ඉතාම වැදගත්ය.

ආනයන සීමා පනවා ඇත. වාහන ගෙන්වීම නතර කර තිබේ. විදේශ ගමන් බිමන් සීමා කර ඇති බව පෙනේ. විශ්ව විද්‍යාලයකට ඇතුළුවන අවස්ථාව අහිමි වූ දරු දැරියන්ට විදේශ රටකට ගොස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව තිබුණි. ඇතැම් අංශ යෝජනා කරන පරිදි පිටරට අධ්‍යාපනය තහනම් කළ යුතුය. ඇපල්, මිදි වැනි දේ ආනයනය කිරීම ද නතර කළ යුතු බව කියැවේ. සුඛෝපභෝගී ද්‍රව්‍ය ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු අතර ඒවා රට තුළ නිපදවීමට පියවර ගත යුතු බව ප‍්‍රකාශවන තවත් කරුණකි.

පාලනය නරක නැත. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රම අනුව නීතිය හැදෙන්නේ අසරණ පිරිස පැත්තකට තල්ලූකරම්න් බව ස`දහන් කළ යුතුව ඇත. බලය සහ ධනය ඇති ජන කොටසට කිසිම පාලනයක් බලපාන්නේ නැත.

චන්ද්‍රබාබු නයිදු මහතා මහ ඇමැති වශයෙන් ඉන්දියාවේ අන්ද්‍රා ප‍්‍රදේශය පාලනය කරන කාලයේ එක්තරා ඇමැතිවරයෙකු ප‍්‍රාන්ත ආණ්ඩුවට මේ හා සමාන යෝජනාවක් ගෙන එන ලදී. ප‍්‍රාන්තයේ සිසුන් ඉගෙනගැනීම සදහා විදේශගතවීම තහනම් කළ යුතු බව එහි දී අවධාරණය කෙරිණ. ‘‘දැනටමත් ඔබගේ දරුවන් පිටරටවල ඉගෙනගන්නේ දැයි’’ ප‍්‍රශ්න කළ මහ ඇමැතිවරයා ‘‘එසේ කරගෙන යන අයට අත් ඔසවන්නැයි’’ එවකට පලාත් සභාව නියෝජනය කළ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය. වැඩි දෙනෙකුගේ අත් එසැවිණ. ‘‘පළමුවෙන් ඔබගේ දරුවන් ආපසු කැ`දවන්න. ඔබ සියළු දෙනා එයට එක`ගනම් පමණක් විදේශ අධ්‍යාපනය තහනම් කළ හැකි’’ බව එහි දී කියා සිටියේය.

පාලකයන්ට අනුගමනය කළ නොහැකි තීරණ ජනතාවට පමණක් පැනැවීම සුදුසු නැත. සමාජයට ආදර්ශයක් දිය යුතු පාලකයන්ය. ඉහළ පැලැන්තිය තමන්ගේ කැපවීම පෙන්විය යුතුය. ඔවුන් ආරක්ෂාවන අතරවාරයේ මධ්‍යම පැලැන්තියට සහ ඉහළට නගින නොතිත් ආශාවකිස් පසුවන පහල තලයට බාධා පැනවීම සුදුසු නැත.

ආර්ථික ක‍්‍රමයක උස් පහත්වීම් සිදුෙවි. ප‍්‍රශ්න පැන නැගේ. සම්පත් සීමා සහිත වන අවස්ථා ඇතිවේ. සංකීර්ණ ගැටළු බව පිලිගත යුතුය. ගැටළු නිරාකරණයට ගත හැකි හො`දම පියවර තෝරාගත යුතුය. එම පියවර සමාජයේ හරස්කඩක් නියෝජනය කළ හැකි ගෞරවාන්විත එකක් බවට හැරවීම පාලකයන්ගේ වගකීමකි. නැති බැරි ජන කොටස් වි`දින පීඩනය නොතකා තීරණගැනීම වරදකි. පංති පරතරය වැඩිකරන, සාධාරණ අවස්ථා අහිමිකරන තීරණ ඉදිරියේ හටගත්තත්ත්ව අමතක කළ යුතු නැත. පසුගිය දශක කිහිපය තුළ පැවැති ගැටුම්, අරගල, ත‍්‍රස්තවාදී ක‍්‍රියා අපට උගන්වන ලද පාඩමක් තිබේ. ඒවායේ අමිහිරි අත්දැකීම් අමතක කළ යුතු නැත.

රටට අවශ්‍ය අලූත් නැගිටීමක් වන අතර සමාජය එකතු කරගෙන ගමන ඉක්මන් කිරීමට ගැලපෙන තීරණ අවශ්‍යය. ආර්ථිකය සක‍්‍රීය කරන්නට පියවර ගත යුතුය. ප‍්‍රතිසංස්කරණ අවශ්‍යය. මෙතෙක් අනුගමනය කරන ලද රාමුව වෙනස් කිරීම නරක නැත. එම තීරණ වලින් උද්දාමයක්, පිබිදීමක් අපේක්ෂා කළ යුතු අතර සමාජ වෛරය ඇවිලවිය යුතු නැත. මැති ඇමැතිවරුන් ඇතුළු ප‍්‍රභූ පැලැන්තියට ලැබෙන වරප‍්‍රසාද ගැන සමාජය තුළ කනස්සල්ලක් තිබේ. දේශපාලන ක‍්‍රමය ගැන පිලිකුලක් ඇත. මහජන නියෝජිතයන් කරන කියන හා හැසිරෙන ආකාරය ගැන ප‍්‍රසන්න හැ`ගීමක් නැත. රටට අවශ්‍ය කරන්නේ එකමුතුවකි. පවතින අවස්ථා අහිමි කිරීම වෙනුවට ඒවා පවත්වාගෙන යන්නට සුදුසු තරමට ගැලපෙන ක‍්‍රමවේදයකි.

රන් පදක්කමක් දිනාගත් සැරයන් දිනේෂ් ප්‍රියන්ත හේරත්ට උසස්වීමක්

මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පිරිමි උස පැනීමේ ඉසව්වේ අවසානය තෙක් පැමිණි කටාර් රාජ්‍යයේ මුටාස් එසා  සහ ඉතාලියේ ජියන්මර්කෝ තම්බෙරි මි.2.37 වූ උස පැනීමට සමත් වූ නමුත් ඊලග ඉලක්කය වූ මි.2.39 උස පැනීමට අසමත් විය. ඒ අවස්ථාවේ ඉතාලි ක්‍රීඩක ජියන්මර්කෝ යම් ආබධයකටද ලක් වූ බව දැකගත හැකි විය. කෙසේ වෙතත් රන් පදක්කම සදහා තව පැනීමක් හෝ පදක්කම බෙදාගැනීමක් කළ හැකි විය. කටාර් ක්‍රීඩක මුටාස්ට නිසැකවම නැවත මි.2.37ක් පැනීමට හැකි නමුත් ඉතාලි ක්‍රීඩකයාට නැවත එය කිරීම පහසු නොවන්නේ ඔහු යම් ආබාධයකට ලක් වූ නිසාවෙනි.විනිසුරු දෙදෙනාගෙන් විමසන්නේ කුමක්ද ඔබගේ තෝරාගැනීම ? යන්නයි .. දෙවරක් නොසිතු කාටාර් ක්‍රීඩක  මුටාස් එසා “අපට රන් පදක්කම් දෙකක් ලබා දිය හැකි දැයි විමසුවේ ය.”  ඉතාලි ක්‍රීඩක ජියන්මර්කෝ ට මෙය අදහාගත නොහැකි විය. ප්‍රේක්ෂකාගාර ඔල්වරසන් හඩින් ගිගුම් දෙන්නට විය.කදුළු පිරි දෑසින් බොහෝ ප්‍රේක්ෂකයින් මේ අපුරු මිනිසුන් දෙදෙනාගේ හැසිරීම ඇදහිය නොහැකි සේ බලා සිටියේය.

 

2021 ලෝක අනාගත ශුරයින් තේරීමේ කුඩා ප්රමාණයේ රේසීන් මෝටර් රථ ධාවන තරඟාවලියේ දෙවන වටය ස්පාඤ්ඤයේදී පැවත්වෙන අතර එහි දෙවන මුලික වටය තියුණු තරඟයකින් පසු ජය ගැනීමට 14 හැවිරිදි ශ්රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් සමත්වුනා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්න්ද වාස් පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මෙතෙක් කටයුතු කළ ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කිරීම හේතුවෙන්.

මේ අතර, එළඹෙන කොදෙව් තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා සංචිත තේරීමේ කටයුතු අද දිනයේ දී අවසන් වීමට නියමිත බව ද වාර්තා වනවා.

අසන්ත ද මෙල් මහතා තේරීම් කමිටුවේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු එම තේරිම් කම්ටුවේ ඉතිරි වූ සාමාජිකයන් දෙදෙනා වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරු දෙදෙනා විසින් මෙම තේරීම් සිදුකරනු ඇති බව සදහන්.

නව තේරීම් කමිටුවක් ද ඉදිරියේ දී පත් කිරීමට නියමිතව තිබෙනවා.

කොදෙව් සංචාරයේ දී දෙරට අතර 20යි 20 තරග 3ක්, එක්දින තරග 3ක් සහ ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

ඒ සදහා සහභාගී වීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 23 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.

කොරෝනා වෙරසයට එරෙහිව නිපදවූ Pfizer එන්නතේ පළමු මාත්රාව ගත් නෝවේජියානු වැසියන් 23 දෙනෙකු මියගොස් ඇති අතර එන්නත නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් එම පුද්ගලයන් මියයන්නට ඇති බව විදෙස්
වාර්තා සඳහන් කරයි. ඒ අතර සාත්තු නිවාසයක සිටි වැඩිහිටියන් 13 දෙනෙකු වන බව ද වාර්තා වේ.සාත්තු නිවාසයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු Pfizer එන්නත ලබා ගැනීමෙන් පසු මිය ගිය බවට නිල වශයෙන් වාර්තා වීමෙන් සතියකට පමණ පසු මරණ වාර්ත වී ඇත.
එන්නතෙහි උණ, ඔක්කාරය වැනි අතුරු ආබාධ සහිත වන අතර සෞඛ්ය තත්ත්වය දුර්වල මට්ටමක පවතින රෝගීන්ට එම අතුරු ආබාධවලින් මාරාන්තික තත්වයන් හටගත
හැකි බව නොවේජියානු වෛද්ය කාර්යාංශයේ ප්රධාන වෛද්යාචාර්ය සිගර්ඩ් හෝමෝ ප්රකාශ කර තිබේ. මෙම තත්වය කලබල විය යුතු තත්වයක් නොවන බව සහ දුර්වල සෞඛ්ය තත්ත්වයක් සහිත පුද්ගලයන්ට හැර
මෙම එන්නත අවදානම ඉතා අවම එන්නතක් වන බව නෝර්වේජියානු වෛද්ය කාර්යාංශයේ අධ්යක්ෂ, වෛද්ය ටෙයිනර්මිඩිසන් නෝවේජියානු ගුවන්විදුලි විකාශයක්
වෙත ප්රකාශයක් නිකුත් කර ඇත. එන්නත ලබා දිය යුත්තේ කාටද යන්න පිළිබඳව වෛද්යවරුන් සැලකිලිමත් විය යුතු බව ද ඔහු තවදුරටත් ප්රකශ කර තිබේ.
Page 1 of 9