Friday, 17 May 2024

හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ගැන ‌තොරතුරු

Posted On Tuesday, 30 April 2024 07:55

හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ගැන ‌තොරතුරු

 

හිතාමතා අනතුරකට ලක් කර ගැනීමට උත්සාහ කරන යාචක කණ්ඩායමක් ඔරුගොඩවත්ත, බොරැල්ල, දෙමටගොඩ හංදිය, පැලියගොඩ යන ප්‍රදේශ වල විදුලි සංඥා පුවරු අසල සිටින බවත්, බොහෝ යාචකයින් සිඟමනේ යෙදුනද මෙම කණ්ඩායම ව්‍යාපාරයක් ලෙසට කරගෙන යන බවට අනාවරණය වී ඇති බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (රථවාහන පරිපාලන හා මහාමාර්ග ආරක්ෂාව) ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කරයි.

කොළඹ නගර සීමාවේ සංඥා ලාම්පු ආශ්‍රිත යාචක උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව අද 29 රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි. එහි දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රථ වාහන ගමන් කිරීමේ දී යම් කිසි පුද්ගලයෙකු වම් පසින් හෝ දකුණු පසින් පැමිණ අවහිර වන ලෙස කටයුතු රියදුරු ගේ ගමන නැවත්වීමට මෙම පුද්ගලයින් කටයුතු කරන අතර ඇතැම් විට රිය පදවන අවස්ථාවේ දී ධාවනය වන වහනය ඉදිරියට පැනීමක් සිතා මතා සිදු කිරීමෙන් අනතුරක් සිදු කරගෙන වාහනයේ රියදුරන්ගෙන් මුදල් ලබා ගැනීමට තැත් කිරීමට කටයුතු කරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහි දී සඳහන් කළේය.

සිඟමනේ යෙදුන ද ඔවුන් ද මනුෂ්‍යයින් වන බැවින් හිරිහැරයක් හෝ කරදරයක් සිදු කර නොහැකි නමුත් ඔවුන් දිනකට සාමාන්‍ය පුද්ගලයෙකුගේ/කම්කරුවෙකුගේ මහන්සි වී ඉපයීමට වඩා දෛනික ඉපැයීමක් සිදු කරන බවත් අනාවරණය වී ඇති බවට හෙතෙම පැවසිය.

නමුත් මෙවැනි පුද්ගලයින් නිසා රිය අනතුරු බොහොමයක් සිදුවන බවත්, මෙවැනි පුද්ගලයින්ට මුදල් ආධාර කිරීම නොකරන ලෙස හෙතෙම මෙහි දී මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.