Monday, 29 April 2024

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු‌වෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

Posted On Friday, 12 April 2024 15:08

ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු‌වෙන් අනතුරු ඇගවීමේ නිවේදනයක්

 

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.