Sunday, 28 April 2024

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Posted On Monday, 26 February 2024 06:40

අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

 

රාජ්‍ය විශ්ව විද්‍යාලවල අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා 2016 සිට තිබූ වැටුප් විෂමතාවය එනම් 107% වෙනුවට 92%ක් ලබා දීම පිළිබඳ වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලව

ල වෘත්තීය සමිති, උසස් අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සහ භාණ්ඩාගාර නිලධාරීන් එක්ව පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි පත් කරන ලද කමිටු වාර්තාව පදනම් කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර ඇත.
ඒ අනුව අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශය අපේක්ෂා කරන අතර ඉදිරි ආසන්නත ම කාලසීමාවේ දී ඊට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ලැබුනු පසුව ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍යාංශය ක්‍රියාකරනු ලැබේ.