Monday, 29 April 2024

නවම් පුන් පොහොය අදයි

Posted On Friday, 23 February 2024 09:27

නවම් පුන් පොහොය අදයි

 

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් අද වන් නවම් පුර පසළොස්වක පෝය දිනය මුල් කරගෙන සිදුව තිබේ.

බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයෙහි එම තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනකයි.
ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී ඇත්තේ ද අද වන්වූ නවම් පෝ දිනක වේ.

බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හරිනු ලැබුවේ ද නවම් පුන් පොහොය දිනකයි .

ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් පටු ආකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේද අද වන් වූ උතුම් නවම් පුන් පොහොය දිනයකයි.

ශ්‍රී ලාංකීය අපට වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවටද, නවම් පුර පසළොස්වක පොහොය දිනය ඉතාමත් වැදගත් වෙයි.
මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී තිබීම නවම් පොහොය දිනයක සිදුවූ උත්කර්ෂවත් අවස්ථාවකි .සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දෙනමගේ පිරිනිවන් පෑමෙන් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම ගොස් චාපාල චෛත්‍ය කරා වැඩම කරවීම ද මෙම පොහොය දිනයේ දී සිදුවි තිබේ