Sunday, 28 April 2024

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට පියවර

Posted On Wednesday, 21 February 2024 08:53

ගෘහ සේවයට කාන්තාවන් විදේශ ගත කිරීම අත්හිටුවීමට පියවර

 

ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සදහා වන යෝජනාවලියක් සහ සැලසුම් කඩිනමින් තමන් වෙත ලබාදෙන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට ඊයේ (20) දැනුම් දී තිබේ.

සිය නිල X ගිණුමෙහි අද දිනද (21) පණිවුඩයක් ද සටහන් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රමිකයින් පිටත් කර යැවීම නතර ඉහළ වැටුප් ලබාගත හැකි පුහුණු රැකියා අවස්ථා සදහා පමණක් ශ්‍රමිකයින් යැවීමේ වැදගත්කම ද ඊයේ අමාත්‍යවරයා අවධාරණය කළේය.

ඒ අනුව, වසර දහයක් තුළදී ගෘහ සේවිකාවන් විදේශ රැකියා සදහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරීම සදහා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් මෙම යෝජනාවලිය තමන් වෙත ලබාදෙන ලෙසද බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමය සමග ඊයේ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා දැනුම් දුන්නේය.