Thursday, 02 May 2024

ශ්‍රී ලංකාවේ ආදායම් හිඟය පියවන අලුත් බදු පැනැවෙන ලකුණු

Posted On Wednesday, 27 September 2023 17:05

ශ්‍රී ලංකාවේ ආදායම් හිඟය පියවන අලුත් බදු පැනැවෙන ලකුණු

 

2023 වසරේ ශ්‍රී ලංකා රජය විසින් එකතු කළ ආදායම් හිඟයක් ගැන සැලකිලිමත් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අර්බුදකාරී තත්ත්වය හමුවේ ඩොලර් බිලියන 2.9 ක ණය වැඩසටහන කඩාකප්පල් කිරීමට නොහැකි තත්ත්වයක පවතින බව රොයිටර් වාර්තා කරයි.

මාර්තු මාසයේදී එකඟ වූ සිව් අවුරුදු ණය ගනුදෙනුවේ පළමු සමාලෝචනයේ කොටසක් ලෙස IMF හි නියෝජිත පිරිසක් මුදල් අමාත්‍යවරයා ද වන ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපතිවරයා අඟහරුවාදා (26) හමුවිය.

අවම වශයෙන් දශක හතක් තුළ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් සෙමෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටින රටට තීරණාත්මක වන වැඩසටහන ඉදිරියට ගෙන යාමට මෙම සමාලෝචන අවශ්‍ය වේ.

“පළමු සමාලෝචනය ඉටු කිරීමට අවශ්‍ය බොහෝ අවශ්‍යතා ශ්‍රී ලංකාව සපුරා ඇත. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය මෙයට ඇතුළත් වේ,” යනුවෙන් එක් සදහන්වන අතර “නමුත් මේ වසර සඳහා ශ්‍රී ලංකාවේ ආදායම් හිඟය පිළිබඳ අරමුදලේ නිලධාරිහු කනස්සල්ල පළ කර ඇත. රාජ්‍ය මුදල් ඇමති රංජිත් සියඹලාපිටිය පසුගිය සතියේ වාර්තාකරුවන්ට පැවසුවේ හිඟය රුපියල් බිලියන 100ක් පමණ විය හැකි බවයි.

පසුගිය වසරේ ආදායම 8.3% සිට 2023 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.3% දක්වා ඉහළ නැංවීම රජයේ ඉලක්කය වූ නමුත් සාර්ථක වී නැත. මෙම ඉලක්කය සදහා අලුත් බදු පනවන්නට ඉඩ ඇති බව රජයේ ආරංචි මාර්ග තහවුුරු කරයි.