Friday, 03 May 2024

2024 වසර සඳහා වන අයවැය නොවැම්බර් 13 වැනිදා

Posted On Wednesday, 27 September 2023 16:48

2024 වසර සඳහා වන අයවැය නොවැම්බර් 13 වැනිදා

 

2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අයවැය යෝජනා නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.

නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත. ආර්ථික දුෂ්කරතා මැද සහන සැපැයෙන අභියෝගය අය වැය ඉදිරියේ ඇත. මුල්‍ය අරමුදලේ පළමු විශ්ලෙෂණය අනුව ආදායම ප්‍රමාණවත් නැති බව හෙළිව තිබෙන අතර එය මහජනතාව මත තවත් බර පැටැවෙන බවට ලකුණකි.