Sunday, 28 April 2024

මන්ත්‍රී ප්‍රේමලාල් නිදහස්

Posted On Tuesday, 26 September 2023 06:08

මන්ත්‍රී ප්‍රේමලාල් නිදහස්

 

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර පහක සිර දඬුවමක්

සබරගමුව පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න අද (25) වසර පහක සිර දඬුවමක් නියම කළේය.

කහවත්තේ දේශපාලන රැස්වීමක් සඳහා වේදිකාවක් ඉදිකරමින් සිටියදී විපක්ෂයේ සංවිධායකයින් පිරිසකට වෙඩි තැබූ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා අත්අඩංගුවට නොගන්නා ලෙසට කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විත්තිකරුට අධිචෝදනා ගොනු කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජානක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ රාජ්‍ය නිලධාරියෙකු සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු ලෙස විත්තිකරු බරපතල වරදක් කර ඇති බැවින් උපරිම දඩුවම් ලබාදිය යුතු බවයි. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් උපරිම වසර 5ක සිර දඬුවමක් නියම කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

විත්තිකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වයස සහ අයහපත් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් බරපතල වැඩ සහිත සිරදඬුවම් වෙනුවට සුළු වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට විනිසුරුවරයා නියම කළේය.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මරණීය දණ්ඩනයට නියම වූ අතර පසුව කරන ලද ඇපැලක් මගින් නිදහස ලැබීය.