Monday, 29 April 2024

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව දින හතරක නඩු විභාගයක්

Posted On Wednesday, 20 September 2023 09:16

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව දින හතරක නඩු විභාගයක්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමඟ අනාරක්ෂිත එක්වීමට තමන් රවටා ගත් බව කියන කාන්තාව අධිකරණයට පවසා ඇත්තේ තමන්ට ජීවිතය ගැන "බිය" ඇති වූ අවස්ථා තිබූ බවයි.

ධනුෂ්ක ගුණතිලක චෝදනාවකට නිවැරැදිකරු බව ප්‍රකාශ කිරීමෙන් පසු ඕස්ට්‍රෙිලියාවේ ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා ඉදිරියේ හෙතෙම නඩු විභාගයකට මුහුණ දෙමින් සිටී.

ධනුෂ්ක ඉකුත් සඳුදා (19) උදෑසන විනිසුරු සාරා හගෙට් ඉදිරියේ සිව්දින නඩු විභාගය සදහා වෙනත් කාන්තාවක් සමඟ අත් අල්ලාගෙන අධිකරණ සංකීර්ණයට පැමිණි අතර එය ආන්දෝලනයකට පත්විය.

හෙතෙම පසුගිය වසරේ නොවැම්බර් 2 වන දින සිදුවීමක් සම්බන්ධයෙන් නඩු විභාගයකට මුහුණ දී සිටින අතර, නිතිඥව ගේබ්‍රියෙල් ස්ටීඩ්මන් අධිකරණයට ප්‍රකාශ කළ පරිදි 32 හැවිරිදි ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සිඩ්නි කාන්තාවක් හමුව ඇති බවයි. ඒ වන විට ධනුෂ්ක T20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාවට ගොස් සිටියේ ය.

දින තුනකට පසු ඔවුන්ගේ හමුවීමට පෙර මෙම යුවළ ඔක්තෝබර් 31 වන දින ටින්ඩර්, ඉන්ස්ටග්‍රෑම් සහ WhatsApp හි වීඩියෝ ඇමතුමක් හරහා කිහිප වතාවක් කතාබස් කර ඇති බව විවාදාත්මක නොවේ.

කාන්තාව මුණගැසෙන ආකාරය උසාවියට ඉදිරිපත් කළ සීසීටීවී දර්ශනවල දැක්වෙන අතර, වැඩිදුර දර්ශනවලින් දැක්වෙන්නේ යුවල සමීපව සිටින ආකාරයයි.

( විදේශීය මාධ්‍ය)