Monday, 29 April 2024

මිලිටරිකරණය සදාකාලික කරන ප්‍රයත්නයකට එරෙහිවේ

Posted On Wednesday, 20 September 2023 09:06

මිලිටරිකරණය සදාකාලික කරන ප්‍රයත්නයකට එරෙහිවේ

 

යෝජිත ත්‍රස්ත විරෝධී පනත ඉල්ලා අස්කර ගන්නා ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ත්‍රස්ත විරෝධී නීතියක් කෙටුම්පත් කිරීම සඳහා වන ඕනෑම නව ක්‍රියාවලියක් විනිවිදභාවයෙන් යුතු, වගවීමකින් යුතු සහ අදාළ සියලුම පාර්ශවකරුවන් අතර සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශක්තිමත් උපදේශන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විය යුතු බව නැවත අවධාරණය කර ඇත.

යෝජිත පණත ඉතා මෑතක දී පැවැති ජනතා අරගලය අවධාරණය කරන ලද ජනතාඉල්ලීම්වලට පටහැනිව, විධායක ජනාධිපතිවරයාගේ බලය පුළුල් කිරීමේ නවතම උත්සාහය බව ද නිවේදනය සඳහන් කරයි.

විධායක ජනාධිපතිවරයාගේ බලය තවදුරටත් පුළුල් කිරීමට උත්සාහ කරන, ව්‍යවස්ථාවට පටහැනි වන හදිසි නීති නියෝගවලට අදාළ විධිවිධාන සම්බන්ධයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මෙහි දී සැලකිලිමත් වන බව ද දැක්වේ.