Monday, 29 April 2024

දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමට රඹුක්වැල්ල සූදානම්

Posted On Wednesday, 20 September 2023 08:59

දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීමට රඹුක්වැල්ල සූදානම්

 

හදිසි ඖෂධ කිහිපයක් මිලදී ගැනීමට දරන උත්සාහය අක්‍රමිකතා ඇති විය හැකි අවදානමක් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජීවිතාරක්ෂක ඖෂධයක් වන Meropenem 1 g එන්නත් හදිසි මිලදී ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය විශේෂයෙන් විමර්ශනය කරන බවද ඔහු මෙහි දී පැවසීය. ඖෂධ මිල දී ගැනීමේ දී සිදුවන අක්‍රමිකතා සහ සෙෘඛ්‍ය අමාත්‍යාංශයේ වංචා දූෂණ වැළැක්වීමට තමන් වෙහෙසෙන බවද රඹුක්වැල්ල මහතා ප%කාශ කර ඇත.