Sunday, 05 May 2024

කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඉන්දියාව නෙරපා හරියි

Posted On Wednesday, 20 September 2023 08:52

කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ඉන්දියාව නෙරපා හරියි

 

කැනඩාවේ දී සීක් ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීමට ඉන්දියාව සම්බන්ධ බවට කැනඩාවේ චෝදනාවක් එල්ලවීමත් සමග, ඔටාවා සහ නවදිල්ලිය යන දෙපාර්ශවයේ ම ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමක් සිදුව ඇති අතර මෙය සමඟ දෙරට අතර සබඳතා බිඳ වැටීමට බලපා තිබේ.

කැනේඩියානු පුරවැසියෙකු සහ ප්‍රධාන සීක් නායක හර්දීප් සිං නිජ්ජාර් ඝාතනයට ඉන්දියාව සම්බන්ධ කරන "විශ්වසනීය චෝදනා" ගැන කැනඩාව විමර්ශනය කරන බව අගමැති ජස්ටින් ටෘඩෝ ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම රාජ්‍ය තාන්ත්‍රික නෙරපා හැරීම් සිදු විය.

ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය ඉකුත් අඟහරුවාදා (18) ඉන්දියාව පදනම් කරගත් ජ්‍යෙෂ්ඨ කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු නෙරපා හැර ඇති අතර "අදාළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා හට ඉදිරි දින පහ ඇතුළත ඉන්දියාවෙන් පිටවන ලෙස දන්වා ඇත," බව ඉන්දීය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "අපගේ අභ්‍යන්තර කටයුතුවලට කැනේඩියානු රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ඇඟිලි ගැසීම් සහ ඉන්දීය විරෝධී ක්‍රියාකාරකම්වලට ඔවුන් සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ අවධානය මෙම තීරණයෙන් පිළිබිඹු වේ." යනුවෙන් ද ඉන්දියාව ප්‍රකාශ කර ඇත