Sunday, 05 May 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ගජේන්ද්‍රන් පැමිණිලි කරයි

Posted On Wednesday, 20 September 2023 08:37

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ගජේන්ද්‍රන් පැමිණිලි කරයි

 

දිලිපන්ගේ පෙළපාලියට පහරදුන් 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සර්දාපුර ප්‍රදේශයේදී දිලීපන් සමරුවක දී ඔහු ගේ රුව රැගත් රථ පෙළපාලියකට පහරදීෙම සහ අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී එස් කජේන්ද්‍රන් ඇතුළු 14 දෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා සැප්තැම්බර් 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් අන්නාතුරෙයි දර්ශිනී මහත්මිය නියෝග කළාය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළාය.

දිලීපන් සිහිකර නැගෙනහිර සිට උතුරට ගිය රථ පෙළපාලියට උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහභාගි වූහ. මෙම පෙළපාලියට ඉරිදා (17) සාර්ධාපුරයේදී විරෝධතාකරුවන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ගජේන්ද්‍රන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.