Monday, 29 April 2024

පෙරහැරට ගෙන එන අලින්ගෙන් දරුවන් බේරාගන්න

Posted On Monday, 18 September 2023 08:31

පෙරහැරට ගෙන එන අලින්ගෙන් දරුවන් බේරාගන්න

 

පනාමුර කාවන්තිස්ස රජමහාවිහාරයේ පෙරහැර සඳහා රැගෙන ආ අලි ඇතුන් අසලට පැමිණි 12 හැවිරිදි කුඩා පිරිමි ළමයෙකුට අලියෙකු පහර දීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය ගල්අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාවන්තිස්ස රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර සඳහා රැගෙන ආ අලි ඇතුන් හතර දෙනෙකු විහාරස්ථාන භූමියේ ගාල් කර තිබූ අතර, ඒ අවට ප්‍රදේශයේ කුඩා දරුවන් ඇතුළු පිරිසක් ද අලි ඇතුන් නැරඹීමට පැමිණ සිටියහ.

පිරිස අතර සිටි දරුවා වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති අතර, ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව සඳහන්.