Sunday, 05 May 2024

ණය උගුලක් නොව සංවර්ධන උගුලක් බව ඉන්දියාවේ මුහුණටම ප්‍රකාශයක්

Posted On Friday, 15 September 2023 11:55

ණය උගුලක් නොව සංවර්ධන උගුලක් බව ඉන්දියාවේ මුහුණටම ප්‍රකාශයක්

 

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින උගුල ඊනියා “ණය උගුලක්” නොව “සංවර්ධන උගුලක්” බව චීන තානාපති කියුයි ෂෙන්න්ග්ඩොන් මහතා ප්‍රකාශ කරයි.

"ශ්‍රී ලංකාවට මෙම මොහොතේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් නොව, වඩාත් වැදගත් වන්නේ අනාගතය සඳහා ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම." බව ද හෙතෙම අවධාරණය කර තිබේ.

චීන තානාපතිවරයා මේ බව කියා සිටියේ පසුගිය දා (12) කොළඹ පැවති ඉහළ පෙළේ දූත පිරිසක් සහභාගී වූ සැසිවාරයක දී ඉන්දීය සාගර කලාපය පිළිබඳ සාකච්ඡාවක

ඉන්දීය මහ කොමසාරිස් Gopal Bagley, කොළඹ ප්‍රංශ තානාපති Jean-Francois Pactet සහ කොළඹ ජපාන තානාපති Mizukoshi Hideaki යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගී වූහ. විදේශ ලේකම් අරුණි විජේවර්ධන මෙහි නියාමකවරිය ලෙස කටයුතු කළාය.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමටත්, "සංවර්ධන නොවන උගුලෙන්" ඉවත් වීමටත්, ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීමටත්, ගෝලීය හා ජාත්‍යන්තර වශයෙන් එහි බලපෑම වැඩි දියුණු කිරීමටත් චීනය සැමවිටම ශක්තිමත්ම හවුල්කරුවා වී ඇති බව චීන තානාපතිවරයා මෙහි දී වැඩුදුරටත් පැවසීය.