Sunday, 05 May 2024

ආණ්ඩුකාරවරයාගේ තීරණය පැත්තකට කරන ඇමැති කාර්යාංශයේ තීන්දුව පිලිගනී

Posted On Friday, 15 September 2023 11:49

ආණ්ඩුකාරවරයාගේ තීරණය පැත්තකට කරන ඇමැති කාර්යාංශයේ තීන්දුව පිලිගනී

 

සෙන්තිල් තොන්ඩමන්ට පනවන ලද අතුරු තහනම් නියෝගය තවදුරටත්

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කටයුතුවලට බාධා කිරීම වැළැක්වීම සදහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතාට ශේෂ්ඨාධිකරණය පනවන ලද අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කෙරේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මිඩ්වෙස්ට් හෙවි සෑන්ඩ් ලිමිටඩ් නම් සමාගමකට ලබා දී ඇති ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඛනිජ ගවේෂණ බලපත්‍රයට ආණ්ඩුකාරවරයාගේ නියෝග බාධාවක් වී ඇති බව පෙත්සම්කරු අධිකරණයට ප්‍රකාශ කර ඇත.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අයැදුම්පත්‍ර සලකා බැලූ අධිකරණය ඉන් අනතුරුව විරෝධතා ප්‍රකාශ සහ ප්‍රති දිවුරුම් ප්‍රකාශ ගොනු කරන ලෙස පාර්ශවවලට නියම කළේය. ආයතනය අයත් වන පරිසර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ආණ්ඩුකාරවරයාගේ ස්ථාවරයට පටහැනිව හි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නීතිමය ස්ථාවරයට අමාත්‍යවරයා එකඟ වන බවයි. නඩුව නොවැම්බර් 3 වැනි දිනට වාද විවාද කිරීමට නියම කෙරිණි.

පෙත්සම්කාර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සහ නීතිඥ පුලස්ති රූපසිංහ පෙනී සිටියහ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනී සිටියේය. සහ පරිසර අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙනී සිටියේය.