Sunday, 05 May 2024

වැඩවරන දුම්රිය සේවකයන් ගෙදර යැවේ.

Posted On Friday, 15 September 2023 11:44

වැඩවරන දුම්රිය සේවකයන් ගෙදර යැවේ.

 

වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම්දීමක්

ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කර ඇති බැවින් වහාම සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව වර්ජනයේ නිරත සියලුම දුම්රිය රියදුරන්ට ලිඛිතව දැනුම් දී ඇත.

දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සේවයට වාර්තා කිරීමට අපොහොසත් වුවහොත් දුම්රිය සේවකයින්ගේ සේවය අත්හිටුවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය රියදුරන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන අපහසුතාවයන් සලකා බලා දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය දා නිකුත් කළේය.

උසස්වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ අතර, දුම්රිය ගමන්වාර රැසක් ද අවලංගු විය.