Wednesday, 01 May 2024

මාධ්‍ය හමුව කඩාකප්පල් කිරීමේ චෝදනාවට ලක්ෂ තුනක වන්දියක්

Posted On Tuesday, 12 September 2023 05:31

මාධ්‍ය හමුව කඩාකප්පල් කිරීමේ චෝදනාවට ලක්ෂ තුනක වන්දියක්

 

2014 වසරේ ජාතික බලසේනා නායක වටරැක විජිත හිමියන් විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවකට බාධා කිරීම සහ කොළඹ නිපොන් හෝටලයට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවකට අදාළව බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු හත් දෙනෙකු අද වරද පිළිගත්තේය. .

ඥානසාර හිමියන් ඇතුළු පිරිසට රුපියල් ලක්ෂ තුනක කවන්දියක් ගෙවන ලෙසට නියෝග කෙරුණ අතර, පසුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එවැනි වැරදි නැවත සිදු නොකරන ලෙසට ඔවුන්ට දැඩි ලෙස අවවාද කරන ලදී. මේ අතර විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති එක් චෝදනාවක් සමථයකට පත් කිරීමට දෙපාර්ශවයන් කැමැත්ත පළ කරන ලද බව සදහන්.

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා මාධ්‍ය හමුවට කඩා වැදී තර්ජනය කර ඔවුන්ගේ මාධ්‍ය හමුව කඩාකප්පල් කළ බවට මහියංගනය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජිත හිමියෝ පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ගලබොඩඅත්තේ ඥාණසාර හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි, පූජ්‍ය. වැලිමඩ චන්ද්‍රරත්න හිමි, පූජ්‍ය. වැල්ලම්පිටියේ සුමන ධම්ම හිමි, පූජ්‍ය. ආරියවංශ සම්බුද්ධ හිමි, පූජ්‍ය චරද්‍රානන්ද හිමි, පී වෑවල, සහ පතිරණගේ ගුණවර්ධන යන සැකකරුවන් 2014 අප්‍රේල් 9 වන දින ජාතික බල සේනා මාධ්‍ය හමුව කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර තිබුණි.