Wednesday, 01 May 2024

පක්ෂයෙන් නොගියොත් මහ ලේකම් ගියොත් ක්‍රීඩා ඇමැති ?

Posted On Monday, 11 September 2023 10:16

පක්ෂයෙන් නොගියොත් මහ ලේකම් ගියොත් ක්‍රීඩා ඇමැති ?

 

දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණාත්මක තීරණයක් ගන්නා බව ශ්‍රීලනිප හිටපු මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍ය ධූරයක් භාර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් කිහිප වතාවක්ම ආරාධනා ලැබුණු නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොදුන් බවද ජයසේකර මහතා පැවසීය. තමන් ඉවත් කිරීම පිටුපස සිටින පිරිස් ඉදිරියේ දී, අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂයෙන් නෙරපා හරින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

හෙට්ටිපොළ ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් පිරිසක් අමතමින් ඔහු කියා සිටියේ කුමන්ත්‍රණකරුවන්ගේ මීළඟ ඉලක්කය ශ්‍රීලනිප හිටපු ජනාධිපතිවරයා බව අවධාරණය කළේය.

තම තනතුර යළි ලබාගැනීමේ සටන අත්නොහරින බවද ඔහු කියා සිටි අතර " අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. ඒත් දැන් හැමෝම හදන්නේ දේශපාලන පක්‍ෂ, සන්ධාන හදන්න. මාව ස්ථිරවම එලවන්න හැදුවොත් මට වෙන කරන්න දෙයක් නැහැ", ඔහු පැවසීය.