Monday, 29 April 2024

චැනල් ෆෝ නාලිකාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකට තේරීම් කාරක සභාවක්

Posted On Wednesday, 06 September 2023 10:07

චැනල් ෆෝ නාලිකාව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකට තේරීම් කාරක සභාවක්

 

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙම චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා පුළුල් විමර්ශනයක් සිදුකිරීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කළ බව ඔහු සඳහන් කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා අවශ්‍ය නම් පහසුකම් සැලසීම පිළිබඳව ද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළ බව නානායක්කාර මහතා පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණ කටයුතුවලට පසු වාර්තාගත කඩදාසි ප්‍රමාණයකින් යුතු තින්දුවක් ප්‍රකාශයට පත් කර ඇති අතර දඩුවම් ද නියම කර ඇත. පාස්කු ඉරිදා ප්‍රහාරය සමබන්ධයෙන් සාධාරණය ඉශ්ට කරන ලෙස කාදිනල් මැල්කම් පීරිස් අගරදගරුතුමා තවමත් ඉල්ලා සිටී.