Sunday, 28 April 2024

රටට ඉගැන්විය යුතු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිටරටට

Posted On Wednesday, 06 September 2023 09:58

රටට ඉගැන්විය යුතු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිටරටට

 

දුප්පතුන් අසරණ වන අතරතුර හැකි පිරිස සහන සදහා අරගලයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නහක මහතාට අනුව මෙම වසරේ පළමු මාස 6 තුළ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 600කට අධික පිරිසක් රට හැර ගොස් ඇත.

අධික බදුවලින් පීඩා විදිමින් සිටි ඔවුන්ට සහන ලබාදෙන බවට රජය සහතික වූ පසු ඔවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවූ නමුත් “තවමත් කවුරුවත් සහන දීලා නැහැ,” ඔහු ප්‍රකාශ කරයි. මෙය හේතුකොටගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැර යාමත් සමඟ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුරු-ශිෂ්‍ය අනුපාතය අඩු වී ඇති බව දැක්වේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැර යාමත් සමඟ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ගුරු-ශිෂ්‍ය අනුපාතය අඩු වී ඇත. “මෙම තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලින් පහළට වැටීමේ අවදානමකට ලක්ව ඇති බව හෙතෙම පවසයි.

අධික බදු සාමාන්‍ය ජනතාවට ඉවසන්නට සිදුවී ඇති අතර අධිකරණ විනිසුරුවරයන් මෙම බදු ගෙවිය නොහැකි බව නඩු පවරන ලදි. එහෙත් මෙම නඩුව සාර්ථක වූයේ නැත. විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු, වෛද්‍යවරුන් ඇතුළු ඉහළ ආදායම් මටටම්වල සිටින පිරිස් තමන්ගේ ප්‍රශ්න දක්වා සහන ඉල්ලමින් සිටීම ගැන මහජනතාව අතර මතබේධ මතුවී ඇත.