Sunday, 28 April 2024

ෂී ජින්පින්ග් ඉන්දියාවට එන සූදානමක් නැති බව හෙළිවේ

Posted On Tuesday, 05 September 2023 16:57

ෂී ජින්පින්ග් ඉන්දියාවට එන සූදානමක් නැති බව හෙළිවේ

 

චීන ජනාධිපති ෂී ජින්පින්ග් ඉන්දියාවේ දී ඇරඹෙන G-20 රැස්වීම මඟහරින බව චීනය තහවුරු කරයි, ජනාධිපතිවරයා වෙනුවට අගමැති ලී චියැං සහභාගී වීමට නියමිත බව නිවේදනය වී තිබේ.

චීනයේ විදේශ අමාත්‍යාංශය ඉකුත් සැප්තැම්බර් 4 දා කළ නිවේදනය අනුව ජනාධිපති ෂී ජින්පින් පළමු වරට G-20 සමුළුවක් මග හරිනු ඇති බවත්, ඒ වෙනුවට චීන අගමැති සහ දෙවන ශ්‍රේණියේ නායක ලී ක්වියාං නව දිල්ලියේ පැවැත්වෙන සැප්තැම්බර් 9-10 රැස්වීමට සහභාගී වීමට පිටත් කර හරින බවත් දක්වයි.

මෙම සමුළුව මඟ හැරීමට හේතු කිසිවක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් දක්වා නැත, එය ගෝලීය පිළිවෙල හැඩගස්වා ගැනීමට සහ එහි නැගී එන බලපෑම ක්‍රියාත්මක කිරීමට වැදගත් වේදිකාවක් ලෙස ජී 20 සමුළුව සලකන අතර චීන ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 24 වැනි දින දකුණු අප්‍රිකාවේ පැවති බ්‍රික්ස් සමුළුවට සහභාගී වී සිටියේය. චීන ජනාධිපති ෂී සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දකුණු අප්‍රිකාවේදී විධිමත් ද්විපාර්ශ්වික හමුවක් නොපැවැත්වූ අතර, අවිධිමත් සංවාදයක එහිදී ඔවුන් තවමත් නොවිසඳී ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කළ බව ද ක්වයි. “ඉන්දියාවේ ආරාධනය පරිදි, චීන අගමැති ලී ක්වියාන්ග් සැප්තැම්බර් 9 සිට 10 දක්වා ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට සහභාගී වන” බව චීන විදේශ අමාත්‍යාංශය සඳුදා (4) නිල වශයෙන් නිවේදනය කළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ මෙක්සිකානු ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්‍රඩෝර් ද ජී 20 සමුළුවට සහභාගී වීමට නොහැකි වීම ගැන දැනටමත් කනගාටුව පළ කර ඇත. ඔවුන් වෙනුවට රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ මෙක්සිකානු ආර්ථික අමාත්‍ය Raquel Buenrostro Sanchez සහභාගී වනු ඇත. (ද හින්දු)