Wednesday, 01 May 2024

විදේශ රටවල ඇති වංචනික වත්කම් නැවත අයකර ගැනීමට සූදානම්වේ

Posted On Tuesday, 05 September 2023 16:54

විදේශ රටවල ඇති වංචනික වත්කම් නැවත අයකර ගැනීමට සූදානම්වේ

 

විදේශ රටවල වංචනික ලෙස තැන්පත් කර ඇති නීතිවිරෝධී වත්කම් සොයා ගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ පරීක්ෂණ ආරම්භ කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

සැප්තැම්බර් 15 වැනිදා සිට බලාත්මක වන දූෂණ මර්දන පනත් කෙටුම්පතේ එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ප්‍රතිපාදන ඇති බවද ඔහු පැවසීය.

නව පනත යටතේ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය පවරා ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත මාර්කෝ ටෙක්සෙයිරා මහතා සමඟ කොළඹදී අද (4) පැවති හමුවකදීය.

වංචනික ලෙස වත්කම් උපයාගෙන විදේශ රටවල තැන්පත් කර ඇති පුද්ගලයින්ගේ මුදල් අයකර ගැනීමට සහය ලබාදීමට එකග වී තිබෙනවා. ඉදිරි දින කිහිපය තුළ මෙම මෙහෙයුම ආරම්භ කරන බව‘ අමාත්‍ය රාජපක්ෂ කියා සිටියේය.