Monday, 29 April 2024

ෆැසිස්ට් පාලනය අවසන්වන දිනය ගණන් කිරීම ආරම්භ වේ

Posted On Monday, 04 September 2023 06:31

ෆැසිස්ට් පාලනය අවසන්වන දිනය ගණන් කිරීම ආරම්භ වේ

 

ඉන්දියානු පාලක භාරතීය ජනතා පක්ෂයේ ෆැසිස්ට් පාලනය අවසන් කරන දිනය ගණන් කිරීම ආරම්භ වී ඇති බව DMK සභාපති එම්.කේ. ස්ටාලින් ඉන්දීයාවේ පැවැති රැස්වීමක දී කියා ඇත.

"බොරුව සහ අසත්‍යය ෆැසිස්ට් භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාග්ධනය" බවට චෝදනා කරන තමිල්නාඩු මහ ඇමති සහ DMK සභාපති එම්.කේ. ස්ටාලින් භාරතීය ජනතා පක්ෂයේ පාලනයේ අවසානය සඳහා ගණන් බැලීම ආරම්භ වී ඇති බව දක්වයි.

ඉන්දියාවේ විරුද්ධ පක්‍ෂ එකමුතුව වෙනුවෙන් මුම්බායි හි පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ස්ටාලින් මහතා චෝදනා කළේ, පසුගිය වසර නවයක භාරතීය ජනතා පක්ෂයේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ආචාර ධර්ම කෙරෙහි අල්ප සැලකිල්ලක් දැක්වූ බවත්, දැන් එය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට තර්ජනයක් වී ඇති බවත්ය.

“ජන්දයෙන් පත් වු විපක්ෂ ප්‍රාන්ත ආණ්ඩු පෙරලා දැමීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ සම්ප්‍රදායන් විනාශ කිරීම ගැන මෝදි රජය ඉතිහාසයට එක්වනු ඇත. භාරතීය ජනතා පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලුවට ලක්කිරීමේ ප්‍රබල සාක්ෂියක් ලෙස මහාරාෂ්ට්‍ර හැදින්විය හැකිය. විපක්‍ෂය බෙදීම සහ අයථා ලෙස ඉපැයූ මුදල් විසි කිරීමෙන් ආණ්ඩු පෙරළීම සහ භාරතීය ජනතා පක්ෂයේ පූර්ණ කාලීන වෘත්තිය බවට පත්ව ඇති බව ද ඔහු සදහන් කර තිබේ. (ද හින්දු)