Friday, 03 May 2024

අසිරිමත් සංස්කාතික මංගල්‍යය අවසන්

Posted On Friday, 01 September 2023 06:22

අසිරිමත් සංස්කාතික මංගල්‍යය අවසන්

 

දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර ඉතා සාර්ථක ලෙස පවත්වන ලද බව දක්වන සංදේශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් අද (31) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.

ඉපැරණි සම්ප්‍රදායන් වෙනුවෙන් මහත් ගෞරවාන්විතව පවත්වනු ලැබූ අසිරිමත් සංස්කෘතික මංගල්‍යයෙන් අනතුරුව චාරිත්‍රානුකූලව දියවඩන නිලමේවරයා විසින් සංදේශය නිල වශයෙන් පිරිනමයි. සතර දේවාලයේ නිලමේවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේතුමා ඇතුළු පෙරහැරට සහය දුන් සැමට සිය බලවත් කෘතඥතාව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර ආරක්‍ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කළේය. මෙම උත්සවය ආගමික හා ජාතික උත්සවයක් පමණක් නොව ශ්‍රී ලාංකීය උරුමය ගෝලීය තලයේ ප්‍රදර්ශනය කළ මහා සංස්කෘතික උත්සවයක් බව ඔහු අවධාරණය කළේය.