Thursday, 02 May 2024

ආණ්ඩුවේ ක්‍රියා ගැන අනුර කුමාර හඬ නඟයි.

Posted On Thursday, 31 August 2023 05:17

ආණ්ඩුවේ ක්‍රියා ගැන අනුර කුමාර හඬ නඟයි.

 

මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දැමීමෙන් රජය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රේ ෆ්‍රෑන්ච් මහතාට දැනුම් දුන්නේය.

දිසානායක කියා සිටියේ මැතිවරණය පවත්වන ලෙස රජයට නියෝග කළ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට විනිසුරුවරුන් කැඳවන බවට තර්ජනය කරමින් රජය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කරන බවයි.

දිසානායක මහතා (29)පෙරවරුවේ බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ නේවාසික නියෝජිතයා හමුවිය.

ආණ්ඩුවේ ආර්ථික ඉලක්ක අසාර්ථක වීම හේතුවෙන් ජනතාව තවදුරටත් පීඩාවට පත්වෙමින් සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පෙන්වා දුන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ සාමය හා සංවර්ධන උපදේශක එඩ්වඩ් රීස්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.