Monday, 29 April 2024

උතුරේ ජාතිවාදය ගැන පොන්නම්බලම්ට අනතුරු ඇගවීමක්

Posted On Tuesday, 29 August 2023 12:52

උතුරේ ජාතිවාදය ගැන පොන්නම්බලම්ට අනතුරු ඇගවීමක්

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පවුලේ පරම්පරා හතරක් සිංහල ජනතාවගේ බාධාවකින් තොරව කොළඹ ජීවත් වන අතර පොන්නම්බලම් උතුරේ ජාතිවාදයේ බීජ වපුරමින් සිටින බව පිවිතුරැ හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

දකුණේ සිංහල ජනතාව දෙමළ ජනතාවට ලබාදී ඇති නිදහස සිංහල ජනතාවට උතුරේ ද ලබාදිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායකයා අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්නම්බලම් මහතාගේ කොළඹ ක්වීන්ස් පාරේ පිහිටි නිවස ඉදිරිපිට පැවති විරෝධතා ව්‍යාපාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා (26) මේ බව පැවසීය.

‘‘වසර 100කට වැඩි කාලයක් කොළඹ ජීවත් වූ පොන්නම්බලම්ලාට සිංහල ජනතාව කිසි දිනක හිරිහැර කර නැති අතර ඔහුගේ පියා කුමාර් පොනම්බලම් සහ සීයා ජී.ජී. පොන්නම්බලම් ජීවත් වූයේ කොළඹ ය. ඔහුගේ සීයා වන ගංගාසාර් පොන්නම්බලම් ද ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේ ජීවත් වූයේ කොළඹ බව ද ඔහු පැවසීය.

යාපනය තිස්ස විහාරයේ පැවති වස් පිංකමට පාර්ලිමේන්තු මන්ත්‍රී පොන්නම්බලම් බාධා කළ බව උදය ගම්මන්පිල මහතා කියා සිටි අතර මුලතිව්හි කුරුන්දි විහාරස්ථානයට පැමිණ එහි ආගමික කටයුතුවලට බාධා කළ බව ද දක්වා ඇත.