Monday, 29 April 2024

බස් රථ අනතුරැ ඉහළයන හේතු අතර අමතර කොටස් හිගය

Posted On Tuesday, 29 August 2023 12:43

බස් රථ අනතුරැ ඉහළයන හේතු අතර අමතර කොටස් හිගය

 

දෙහිඕවිට කම්බරදෙණිය ප්‍රදේශයේදී (26) රාත්‍රියේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් සියල්ලන්ම අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් 4 දෙනෙකු බරපතල බව හෙළිවේ.

කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ බස් රථයක් කඹුරාදෙණිය බස් නැවතුම්පොළේ නතර කළ බස් රථයක ගැටී ඇති බව ය. මෑත කාලය තුළ බස් අනතුරු සැලකිය යුතු වැඩිවීමක් පෙන්වන අතර ආර්ථිකඅර්බුදය හේතුකොටගෙන අමතර කොටස් ආනයනය සීමා කර තිබීමත් ටයර් ඇතුලු නිතර යෙදවිම අවශ්‍ය උපාංගවල මිල වැඩිවීමත් මගී ජනතාවගේ ජීවිත අවදානමට තල්ලු කර ඇත්දැයි වහාම විමර්ෂනය කරන ලෙස විද්වත්හු අවධාරණය කරති.