Monday, 29 April 2024

න්‍යෂ්ටික ජලය මුහුදට

Posted On Tuesday, 29 August 2023 12:39

න්‍යෂ්ටික ජලය මුහුදට

 

මාලු ආහාරයට ගැනීම ගැන ජාත්‍යන්තර අවධානයක්

ජපානයේ ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ පිරිපහදු කළ ජලයේ පැසිෆික් සාගරයට මුදා හැරීම ඉකුත් බ්‍රහස්පතින්දා (24) ආරම්භ කිරීමත් සමඟ ජපානයෙන් ගෙන්වන සියලුම මුහුදු ආහාර ආනයනය අත්හිටුවන බව චීනය නිවේදනය කළේය.

චීන රේගුව පැවසුවේ මුහුදු ආහාර ඇතුළු ජලජ නිෂ්පාදන අත්හිටුවීමට හේතුව "සිය පාරිභෝගිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම" බවයි. න්‍යශ්ටිකක බලාගාරයේ ජලය සාගරයට මුදා හැරීමේ තීරණය "ආත්මාර්ථකාමී සහ වගකීම් විරහිත" බව එරට විදේශ අමාත්‍යාංශය හෙළා දුටුවේය.

"ජපානය කර ඇත්තේ ලෝක පජාවට අවදානමකට තල්ලු කිරීම සහ මානව වර්ගයාගේ අනාගත පරම්පරාව වේදනාවට පත් කිරීම වන අතර පාරිසරික හා පරිසර විනාශ කරන්නන් වැලැක්වීම අවශ්‍ය බව පෙන්වා දෙයි. ජපානට සමුද්‍ර දූෂකයින් අතරට ඇතුළුවීම සෞඛ්‍ය, සංවර්ධනය සහ පාරිසරික අයිතිවාසිකම් සඳහා වන ජනතාවගේ අයිතිවාසිකම් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක්" බව ද, චීන විදේශ කටයුතු අමාත්‍යාංශය අන්තර්ජාල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.

"ජපන් ජාතිකයන් ඔවුන්ගේ සදාචාරාත්මක වගකීම් සහ ජාත්‍යන්තර නීතිමය බැඳීම් ද උල්ලංඝනය කර ඇත," එය වැඩිදුරටත් සඳහන්ය.

2011 මාර්තු භූමිකම්පාව සහ සුනාමිය සමග විනාශ වූ න්‍යශ්ඨික බලාගාරයේ සිසිල්වීම් සදහා භාවිතා කළ ජලයට විකිරණශීලී සුන්බුන් එකතු වූ බවට සැක කරන අතර පසුව ඒවා ටැංකි 1,000 කට අධික ප්‍රමාණයක ගබඩා කර ඇත. නිසි පිරිසිදු කිරීම්වලට පසු එය වසර 30 ක් පුරා ක්‍රමයෙන් මුදා හරිනු ඇති බව ජපානය නිවේදනය කරයි.