Sunday, 28 April 2024

කුවේට් හි අතරමංව සිටි ගෘහ සේවිකාවන් ශ්‍රී ලංකාවට.

Posted On Thursday, 17 August 2023 12:56

කුවේට් හි අතරමංව සිටි ගෘහ සේවිකාවන් ශ්‍රී ලංකාවට.

 

වීසා නොමැතිව කුවේටයේ අතරමංව සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පනස් හතර දෙනෙකු කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් (16) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

කාන්තාවන් 53 දෙනෙකු සහ එක පිරිමි පිරිමි ශමිකයෙකු කන්ජායමට ඇත

මෙම පිරිසෙන් වැඩි පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ අය වන අතර ඉතිරි පිරිස පොළොන්නරුව, මොණරාගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්ය.

තම ගිවිසුම්ගත සේවා ස්ථානවලින් පලා ගොස් කුවේට් හි වෙනත් ස්ථානවල වැඩි වැටුප් සඳහා දීර්ඝ කාලයක් සේවය කර ඇත. මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති අතර පසුව තානාපති කාර්යාල නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අධිකරණය සමඟ එක්ව තාවකාලික ගමන් බලපත්‍ර සකස් කර පිටුවහල් කිරීමට කටයුතු කර ඇත.