Sunday, 28 April 2024

සැප්තැම්බර් මැද භාගයේදී සිනොපෙක් මෙහෙයුම්

Posted On Thursday, 17 August 2023 12:52

සැප්තැම්බර් මැද භාගයේදී සිනොපෙක් මෙහෙයුම්

 

සිනොපෙක් සමාගම සැප්තැම්බර් 20 වැනි දින ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට ඉඩ ඇත. සමාගම සිය නිෂ්පාදන සියල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට වඩා අඩු මිලකට අලෙවි කිරීමට ඉඩ තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවේ මිල ගණන් සම්බන්ධයෙන් සිනොපෙක් සඳහා කිසිදු සීමාවක් පනවා නොමැති බවයි. ඒ අනුව විවෘත වෙළෙඳපොළේ ඉතා තරගකාරී මිලකට ඛණිජ තෙල් නිෂ්පාදන පාරිභෝගිකයන්ට හිමිවන බවද හෙතෙම පැවසීය.