Saturday, 27 April 2024

අධිකරණ පටිපාටියෙන් බැහැරව මග නැගුම අවසන් කිරීම මහාධිකරණය වළක්වයි.

Posted On Thursday, 17 August 2023 11:48

අධිකරණ පටිපාටියෙන් බැහැරව මග නැගුම අවසන් කිරීම මහාධිකරණය වළක්වයි.

 

මග නැගුම මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගම අධිකරණ පටිපාටියෙන් ඔබ්බට වසා දැමීම වළක්වමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා මෙම නියෝගය කළේ මග නැගුමේ මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගම විසින් ගොනු කරන ලද අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුවය.

සමාගමට තාවකාලික ඈවර කරන්නෙකු පත් කරන ලෙසත්, අවසන් කිරීමේ ක්‍රියාවලිය අවසන් වන තුරු එම ඈවර කරන්නා විසින් ගිණුම් පරීක්ෂා කරන ලෙසත් අධිකරණය වැඩිදුරටත් නියෝග කළේය.

‘මග නැඟුම’ සහ ඊට අනුබද්ධ ආයතන 4ක් නඩත්තු කිරීමට මුදල් නොමැතිකම හේතුවෙන් වසා දැමීමට තීරණය කළ බව රජය පසුගියදා නිවේදනය කර තිබුණි