Saturday, 04 May 2024

සීනි බදු වංචාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නැත

Posted On Wednesday, 16 August 2023 04:49

සීනි බදු වංචාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නැත

 

සීනි බදු වංචාව හේතුවෙන් සිදුවූ පාඩුව අයකර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ඇත.

මුදල් අමාත්‍යාංශය මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී එහි සභාපති හර්ෂ ද සිල්වා නොමැති අවස්ථාවක මෙම ගැටළුව මතුවිය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර පියවරක් නොගන්නේ මන්දැයි කමිටුව ප්‍රශ්න කළේය.