Saturday, 04 May 2024

තබ්බෝව අභය භූමිය විනාශ කරයි.

Posted On Wednesday, 16 August 2023 04:41

තබ්බෝව අභය භූමිය විනාශ කරයි.

 

තබ්බෝව අභය භූමියේ අක්කර 300කට වැඩි ප්‍රදේශයක් හදිසි ගින්නකින් විනාශ වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

වනජීවී නිලධාරීන්, තබ්බෝව යුද හමුදා කඳවුරට අනුයුක්ත හමුදා නිලධාරීන් සහ පොලිසිය එක්ව ගින්න මැඩපවත්වා ඇත.

මෙය ස්වභාවිකව සිදුවූ ගිනි ගැනීමක් නොව ගිනි තැබීමක් බව එම ස්ථානයේ ආරක්ෂකයන් ප්‍රකාශ කළ අතර, විනාශය පිටුපස සිටි පුද්ගලයන් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ. කිසියම් පුද්ගලයන් හෝ කණ්ඩායම් ගින්න පිටුපස සිටින බවට වනජීවී නිලධාරීන් සැක කරයි. වනාන්තරය ගිනි තබා වන සතුන් දඩයම් කිරීම මෙහි අරමුණ විය හැකි බව නිලධාරීහු පවසති.

කරුවලගස්වැව පොලිසිය පැවසුවේ අදාළ කණ්ඩායම් සමඟ එක්ව පැය 10ක පමණ කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුව අභය භූමිය පුරා පැතිර යමින් තිබූ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කළ බවයි.