Saturday, 04 May 2024

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්.

Posted On Wednesday, 16 August 2023 04:38

සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්.

 

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රටින් පිටවීම වළක්වන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන පාලක ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇත. සංචාරක තහනම මාස තුනක කාලයක් සඳහා බලපැවැත්වේ.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අතරතුර තරඟ පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමකට අනුව අධිකරණය මෙම නියෝගය කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය පියවර ගෙන තිබේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ 2019 අංක 24 දරන ක්‍රීඩා පනතට අදාළ වැරදි වැලැක්වීම යටතේ මෙම නඩුව ගොනු කර තිබුණි. මෙම පනත යටතේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යම් කිසිවකු වරදකරු වුවහොත් රුපියල් ලක්ෂ පහක දඩයක් ගෙවීමට සිදුවේ නොඑසේනම් හෝ අවුරුදු 10ක සිර දඬුවමක් නියම කළ හැකිය.