Sunday, 28 April 2024

නූතන රුසියාවේ පළමු චන්ද්‍ර මෙහෙයුම

Posted On Monday, 14 August 2023 08:21

නූතන රුසියාවේ පළමු චන්ද්‍ර මෙහෙයුම

 

නූතන රුසියාවේ ඉතිහාසයේ පළමු චන්ද්‍ර මෙහෙයුම සිකුරාදා (11) රුසියාවේ ඈත පෙරදිග Vostochny අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්, ගුවන් ගත වූ බව TASS වාර්තාකරුවෙකු වාර්තා කළේය.

සඳ වෙත පියාසර කිරීම දින 5.5 දක්වා ගත වේ. මෙම අභ්‍යවකාශ යානය දින තුනත් හතත් අතර කාලයක් චන්ද්‍ර පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 100ක් පමණ ඉහළින් බොගුස්ලාව්ස්කි ආවාටය ප්‍රදේශයට ළඟා වීමට නියමිතය. මෙම මෙහෙයුම දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට ගොඩ බැස්ස පළමු අභ්‍යවකාශ යානය බවට පත්විය හැකිය. අභ්‍යවකාශ යානය ජලය ඇතුළු ස්වභාවික සම්පත් සොයා බලනු ඇති අතර චන්ද්‍ර පෘෂ්ඨය මත අභ්‍යවකාශ කිරණ සහ විද්‍යුත් චුම්භක විමෝචනවල බලපෑම අධ්‍යයනය කරනු ඇත.