Sunday, 28 April 2024

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා රුසියානු රැකියා අවස්ථා

Posted On Monday, 14 August 2023 08:17

ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සඳහා රුසියානු රැකියා අවස්ථා

 

මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනය සමඟ එක්ව ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා රුසියානු සමූහාණ්ඩුවේ සෘජු රැකියා අවස්ථා ආරම්භ කර ඇත.

ශ්‍රී ලාංකීය නිපුණ මැහුම් ශිල්පීන් සඳහා රැකියා අවස්ථා 700 කට වැඩි ප්‍රමාණයක් ලබා දීමට Nizhny Novgorod හි ප්‍රාදේශීය රාජ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා සිදු වෙමින් පවතී. තාක්ෂණික කාණ්ඩ ගණනාවක් යටතේ රුසියානු සමූහාණ්ඩුවේ සහ අනෙකුත් ප්‍රතීතනය ලත් ශ්‍රී ලාංකික පුහුණු සංක්‍රමණික ශ්‍රමිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසීමේ ක්‍රියාවලියක විදේශ රැකියා නියෝජිතායතනය නිරතව සිටී.