Saturday, 27 April 2024

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුය

Posted On Monday, 14 August 2023 08:12

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වගකිව යුතුය

 

ව්‍යවස්ථාදායකය අධිකරණයට හෝ ජනතාවගේ අයිතිවාසිකම්වලට බාධා නොකළ යුතු බව විපක්ෂය පවසයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තීන්දුව වෙනස් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද කළ ඉල්ලීම ඉවත දමමින්, නිසි නීති උපදෙස් අනුව අදාළ තීන්දුව ලබාදුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අවධාරණය කර ඇත.

රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව ඔහු පැවසීය. "රටේ මුල්‍ය පරිපාලනය පවතින්නේ පාර්ලිමේන්තුවේ" යැයිද ඔහු පැවසීය.

මේ අතර ව්‍යවස්ථාදායකය විසින් සම්මත කරන ලද යෝජනාවකට එරෙහිව කිසිදු ආකාරයක නියෝග හෝ තීන්දු නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවට කථානායකවරයා අගෝස්තු 9 වැනිදා ලබාදුන් තීන්දුව නරක පූර්වාදර්ශයක් විය හැකි බවත් එය පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුමක් ඇති කිරීමට හේතු විය හැකි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරු පැවසූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ කථානායකවරයාගේ තීන්දුව ව්‍යවස්ථාමය අර්බුදයකට තුඩු දෙන බවයි.