Thursday, 02 May 2024

පුහුණු ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මියයයි.

Posted On Tuesday, 08 August 2023 07:03

පුහුණු ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු මියයයි.

 

චීන වරායේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨයට අයත් පුහුණු ගුවන් යානයක් ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයෙන් ගුවන්ගතවී මිනිත්තු කිහිපයකින් අනතුරට ලක්වීමෙන් එහි නියමු විංග් කමාන්ඩර් තරිඳු හේරත් සහ ඉංජිනේරු පියාසර නිලධාරී පේෂාන්වර්ණසූරිය මිය ගියහ.

විංග් කමාන්ඩර් තරිඳු හේරත් කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර පියාසර නිලධාරියා කුරුණෑගලශාන්ත ආනා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයකිරීමට කමිටුවක් පත් කළේය.