Thursday, 02 May 2024

දකුණු කොරියාවේ ජම්බෝරි බාලදක්ෂයින් නිවර්තන කුණාටුවක

Posted On Tuesday, 08 August 2023 06:32

දකුණු කොරියාවේ ජම්බෝරි බාලදක්ෂයින් නිවර්තන කුණාටුවක

 

දකුණු කොරියාව නිවර්තන කලාපීය කුණාටුව ( ඛානුන්) බැවින් වෙරළබඩ ජම්බෝරි අඩවියකින් දස දහස් ගණනක් බාලදක්ෂයින් ඉවත් කරනු ඇති බව බලධාරීහු සඳුදා (07) ප්‍රකාශ කළහ.

දකුණු කොරියාවේ අභ්‍යන්තර කටයුතු සහ ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ උප අමාත්‍ය කිම් සුං-හෝ පවසන පරිදි, නිරිතදිග බුආන් ප්‍රාන්තයේ ලෝක බාලදක්ෂ ජම්බෝරියෙන් බාලදක්ෂයින් 36,000ක්—බොහෝ විට නව යොවුන් වියේ පසුවන්නන්— ගෙනයාම සඳහා වාහන 1,000කට වඩා වැඩි ප්‍රමාණයක් අඟහරුවාදා උදෑසන සිට භාවිතා කරනු ඇත.

රටවල් 158 කින් පැමිණෙන බාලදක්ෂයින්ට අගනුවර වන සෝල් සහ ඒ ආසන්නයේ පිහිටි නගරවල ස්ථාන වල නවාතැන් ලබා දෙන බව ඔහු පැවසීය.

මේ අතර, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් ජනප්‍රිත් ප්‍රනාන්දු කියා සිටියේ ජම්බෝරි සංවිධායකයින් සහ කොරියානු රජය එක්ව අද පස්වරුවේ 25 වැනි ලෝක බාලදක්ෂ ජම්බෝරියට සහභාගී වන රටවල ප්‍රධානීන්ගේ රැස්වීමකදී සියලුම බාලදක්ෂයින් ක් සහභාගී වන බව නිවේදනය කළ බවයි. ඛානුන් සුළි කුණාටුව හේතුවෙන් සෝල් නගරයට ආසන්න ස්ථිර ගොඩනැගිලි වෙත බාලදක්ෂයින් ඉවත් කෙරෙනු ඇති අතර එය අගෝස්තු 9 වන දින දකුණු කොරියාවට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සමාප්ති උත්සවය තෙක් සියලුම ජම්බොරයිට්වරු ආරක්ෂිත නවාතැන් වල සිටින අතර ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්‍ෂිත බවත්, ඔවුන්ගේ ආරක්‍ෂාව සහතික කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත්, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සහතික කරයි.