Friday, 03 May 2024

සෞඛ්‍ය ක්ෂේත්‍රය රෝගීන්ගේ මර උගුලක්

Posted On Tuesday, 08 August 2023 06:15

සෞඛ්‍ය ක්ෂේත්‍රය රෝගීන්ගේ මර උගුලක්

 

සෞඛ්‍ය ක්ෂේත්‍රය රෝගීන්ගේ මර උගුලක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා (අගෝස්තු 06) පැවසීය. “හදිසි මිල දී ගැනීම් සහ ක්‍රියා විරහිත වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය සහ වෙනත් පරීක්ෂණ උපකරණ මුවාවෙන් ආනයනය කරන බාලබෙහෙත් රෝහල්වල සෞඛ්‍ය සේවය අගාධයට තල්ලු කර ඇත.

(අගෝස්තු 6) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍යක්ෂේත්‍රයේ මෙම ඛේදනීය තත්ත්වය බුද්ධිගලනය විසින් තවදුරටත් උග්‍ර කර ඇති බවයි.

"වෛද්‍යවරයෙකුගේ මූලික ඒකාබද්ධ වැටුප රුපියල් 160,000 ඉක්මවන නමුත් ඔවුන්ට තිබෙන වෙළඳපල අවස්ථා බොහෝවැඩියි. වෛද්‍යවරුන් සහ හෙදියන් විදේශගත වීමට තීරණය කරන විට ශ්‍රී ලංකාවේදී ලබන වැටුප මෙන් තුන් ගුණයක් උපයා ගතහැකිය", ඔහු පැවසීය.

සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳා ගැනීමට නම් සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා දැනට පවතින දළ දේශීයනිෂ්පාදිතයෙන් 1.5% ක ප්‍රතිපාදන දළ දේශීය නිෂ්පාදිතයෙන් 3% දක්වා වැඩි කළ යුතු බව වික්‍රමරත්න මහතා වැඩිදුරටත්පැවසීය.

"මෙතෙක් රටට ලාභාංශ උත්පාදනය නොකළ දැඩි යටිතල පහසුකම් වෙනුවට සම්ගි ජන බලවේග රජයක් සෞඛ්‍ය සහඅධ්‍යාපනය වැනි මෘදු යටිතල පහසුකම් සඳහා වැඩි ආයෝජනයක් කරනු ඇත. දැඩි පියවර හරහා රාජ්‍ය වියදම් තාර්කික කරසෞඛ්ය හා අධ්යාපන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරන බව ද එරාන් මහතා පැවසීය.