Sunday, 28 April 2024

මීළඟ ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා එජාපය පුළුල් සන්ධානයක

Posted On Monday, 31 July 2023 14:33

මීළඟ ජනාධිපතිවරණයට මුහුණදීම සඳහා එජාපය පුළුල් සන්ධානයක

 

ලබන වසරේ ජුනි මාසය වන විට පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ගොඩනගන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස තරඟ වදින බව ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව සංවර්ධනය කළ හැකි රටේ එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව ද ඔහු සඳහන් කළේය.

"2015 දී අපේ රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් වැඩි කළා. අපි පුළුවන් තරම් බඩු මිල අඩු කළා," ඔහු පැවසීය. 2015 වසරේ සියයට 60ක් වූ එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම පසුගිය මහ මැතිවරණයේදී සියයට 4 දක්වා අඩු වූ බව කරුණානායක මහතා පැවසීය.