Saturday, 27 April 2024

මීමුරේ අනතුරින් පුද්ගල මරණ දෙකක්

Posted On Monday, 31 July 2023 12:45

මීමුරේ අනතුරින් පුද්ගල මරණ දෙකක්

 

මහනුවර - මීමුරේ මාර්ගයේ, පුස්සේ ඇල වංගුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලීමෙන්රුසියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

අනතුරින් මියගිය ශ්‍රී ලාංකිකයා මහනුවර - වත්තේගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවක් වන අතර අනතුරින් බරපතලතුවාල ලැබූ තවත් දෙදෙනෙකු මැද මහනුවර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මහනුවර ජාතික රෝහලට මාරුකර යවාතිබේ.