Sunday, 28 April 2024

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා නාවික හමුදා මෙහෙයුම්

Posted On Monday, 31 July 2023 12:35

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා නාවික හමුදා මෙහෙයුම්

 

යාපනය, අරියාලෙයි වෙරළ තීරයේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකින් (ජූලි 29) මසුන් ඇල්ලීමසඳහා වන වාණිජ පුපුරණ ද්‍රව්‍ය 51 ක් සොයා ගැනීමට හැකි විය.

මසුන් ඇල්ලීම සඳහා පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම සාගර ජීවීන්ට බරපතල තර්ජනයක් වන අතර සමුද්‍ර පරිසර පද්ධතිවලට දිගුකාලීන හානියක් විය හැකිය. මේ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් සහ දිවයිනේ මුහුදු තීරයේ නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

එවැනිම මෙහෙයුමකදී උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන විසින් ජූලි 29 වන දින අරියාලෙයිවෙරළ තීරයේ විශේෂ මෙහෙයුමක් සිදු කර ඒ අසල පඳුරු වල සඟවා තිබූ සැක කටයුතු ගෝනියක් සොයා ගන්නා ලදී. මෙමගෝනියේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය 51ක් පුරවා තිබූ අතර පසුව ඒවා නාවික හමුදා භාරයට ගෙන ඇත.