Sunday, 28 April 2024

ශ්‍රී ලංකාවේ ජපාන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව ජපාන විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති වික්‍රමසිංහ අතරසාකච්ඡා

Posted On Monday, 31 July 2023 12:00

ශ්‍රී ලංකාවේ ජපාන ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳව ජපාන විදේශ අමාත්‍යවරයා සහ ජනාධිපති වික්‍රමසිංහ අතරසාකච්ඡා

 

ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa මහතා (29) කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ජනාධිපතිවරයා සහ සංචාරයක නිරත විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡා සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර වන සැහැල්ලු දුම්රියගමනාගමනය, නැගෙනහිර පර්යන්තය, මහනුවර සංවර්ධන සැලැස්ම, මධ්‍යම අධිවේගී මාර්ගය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තරගුවන් තොටුපළ පුළුල් කිරීම පිළිබඳව පැවැත්විණ. මෙම ව්‍යාපෘති කඩිනම් කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම ප්‍රකාශ කළහ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ජපාන රජය දක්වන සහයෝගයට ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළඅතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පොදු වේදිකාව වැඩිදියුණු කිරීම සහ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටුකිරීම අරමුණු කර ගනිමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විස්තර බෙදාහදා ගත්තේය.