Sunday, 28 April 2024

බිම්ස්ටෙක් මහලේකම්වරයා ජනපති හමුවෙයි.

Posted On Thursday, 27 July 2023 16:56

බිම්ස්ටෙක් මහලේකම්වරයා ජනපති හමුවෙයි.

 

බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අතර, සාමාජික රටවල් අතර අඛණ්ඩ සහයෝගීතාවක අවශ්‍යතාවය පිළිබඳව ඔවුන්ගේ සාකච්ඡාවේදී අවධානය යොමු වය.

කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීමේ වැදගත්කම මහලේකම්වරයා අවධාරණය කළේය. මහජන සෞඛ්‍ය සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිබඳව ලෙක්ෆෙල් මහතා ප්‍රශංසා කළ අතර කලාපය තුළ මෙම ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ලෙස ඉල්ලා සිටියේය.

සංවිධානයේ සාර්ථකත්වය සහ ඵලදායී සහයෝගීතාව සහතික කිරීම සඳහා බිම්ස්ටෙක් සාමාජිකයින් අතර නිතිපතා අමාත්‍ය මට්ටමේ රැස්වීම් පැවැත්වීමේ අවශ්‍යතාවය ජනාධිපති වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.