Saturday, 27 April 2024

ණය පොලී අනුපාත අඩු කරන ලෙස වාණිජ බැංකුවලට උපදෙස්

Posted On Monday, 24 July 2023 10:06

ණය පොලී අනුපාත අඩු කරන ලෙස වාණිජ බැංකුවලට උපදෙස්

 

බැංකු ණය පොලී අනුපාත අඩු කරන ලෙස මහ බැංකුව විසින් සියලුම වාණිජ බැංකු වෙත උපදෙස් දී තිබේ.

මහ බැංකුව විසින් ගනු ලැබූ තීරණයට අනුකූලව වහාම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බැංකු සංගමයේ සභාපතිවරයා සමඟ සන්නිවේදනය කර ඇත

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ජූලි 5 වැනි දින රැස්වී එහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 11% දක්වා සහ එහි ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) 12% දක්වා සහ පාදක ලකුණු 200කින් (2%) අඩු කිරීමට තීරණය කළේය.