Saturday, 27 April 2024

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි.

Posted On Monday, 24 July 2023 10:00

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජුලි 26 වැනි දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන අතර ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් සහ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් පිළිබඳව පක්ෂ නායකයින් දැනුවත් කිරීම මෙහි අරමුණයි.

ලබන 26 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නායකයින්ට දැනටමත් ආරාධනා කර ඇත.